gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

සියලු අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝගයක් !

ශ්‍රී ලංකාව තුළ පවතින සියලුම අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඊයේ (29) නියෝග කර තිබේ. 

මෙම නියෝගය නිකුත් කරන ලද්දේ අනර්ථකාරී වෙබ් අඩවි මගින් විවිධාකාරයේ මිනිස් වෙළඳාම් සහ අපයෝජනයන් සිදුවන බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති හෙයින් මෙම වෙබ් අඩවි තහනම් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරන ලද ඉල්ලීමක් අනුවය. 

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ විකිණීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. 

අනර්ථකාරී වෙබ් අඩවි හේතුවෙන් දැනට පවත්නා තත්ත්වය ක්ෂණිකව පාලනය කිරීමට අධිකරණය මැදිහත් විය යුතුව ඇති බැවින්, වී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව අධිකරණ බලය පාවිච්චි කරමින් මෙම නියෝග නිකුත් කරන බව පැවසූ මහේස්ත්‍රාත්වරිය අනර්ථකාරී වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම්, එවැනි වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම්, ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නියෝග කළාය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka