gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

පය ලිස්සා වැටුණු නංගි බේරාගන්න ගිය අයියාත් පරෙයියන් ඇල්ලට බිලි

බඩල්කුඹුර පරෙයියන් ඇල්ල නැරඹීමට පෙරේදා (01දා)  ගිය එකම පවුලේ සහෝදරයෙකු සහ සහෝදරියක් ඇල්ලට වැටී දියේ ගිලී මියගොස් ඇතැයි බඩල්කුඹුර පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඔක්කම්පිටිය ගාමිණීපුර පදිංචි සුරාජ් මධුශංක ගජවීර (30)  සහ ඔහුගේ සහෝදරියක වන අයේශා ගයාශානී  ගජවීර (23) නැමති අයයි.

කොරෝනා එන්නත් කාඩ්පත ජාතික හැදුනුම්පත සේ අනිවාර්ය කරයි

ඉදිරියේදී විවිධ උත්සවයන්ට සහභාගිවීම සඳහා කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්යයෙන් අවශ්‍ය වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ට ඉදිරියේ දී ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයිද ඔහු පවසයි.

‘මේ රටේ ප්‍රසිද්ධ පවුලක, හොඳ උගත් නායකයෙක් ඉදිරියේදී අපි එළිදක්වනවා’ – වෙල්ගම (video)

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නායකත්වය දරන නව ලංකා නිදහස් පක්ෂය සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

“අපි ශ්‍රී ලංකා“ නමින් සංවිධානයක් ගොඩනගා ගනිමින් අදාළ සාකච්ඡාව අද පස්වරුවේ නාවල කොස්වත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී පැවති බව වාර්තා විය.

ඩෙිසි ආච්චිලාගේ මැණික් මළු නිත්‍යානුකූල කරන්න පනතක් !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව අනුමැතියට ඉදිරිපත් කර ඇති නව මුදල් කෙටුම්පතේ අරමුණ ඩේසි ආච්චිගේ මැණික් මලූ වලට නීත්‍යානුකූල බවක් ලබාදීම හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

මගේ නංගිට ඉංග‍්‍රිසි බෑ..- ඉෂාලිනිගේ අයියා කියයි.. බිත්තියේ සටහනෙන් තවත් අවුලක් !

සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් නැමති තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්,තමන් දන්නා තරමින් ඇයට ඉංග්‍රිසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බව මිය ගිය ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප්‍රසාද් පවසයි.

භූ කම්පනයක් – අනතුරක් නැතත් වෙරළාසන්න ජනතාව අවධානයෙන් ඉන්න

අන්දමන් දූපත් ආසන්නයේ අද පෙරවරුවේ හටගත් භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි බලපෑමක් සිදු නොවන නමුත් දිවයින වටා වෙරළ තීරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත් වන ලෙස බලධාරීහු උපදෙස් දෙති. අද පෙරවරු 9.12ට රික්ටර් පරිමාණයේ 6.5 ක භූ කම්පනය සිදුව ඇත.‍

රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් බාර ගැනීම නවතයි.. චීනයෙන් ඔක්සිජන් ගෙන්වයි

මෙරට කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය වන ඔක්සිජන් චීනයෙන් ගැනීම සඳහා රජය සූදානම් වෙයි.

කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය වන දෙදෙනික ඔක්සිජන් ප්‍රමාණය ලීටර් 45,000 ඉක්මවා යාම හේතුවෙන් ආරක්ෂිත තොගයක් ලෙස චීනයෙන් ඔක්සිජන් ලබා ගැනීමට තීරණය කර තිබේ.

ඉෂාලිනිගේ කාමරය තුළ “මගේ මරණයට හේතුව” ලෙස සටහනක් හමුවෙයි

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනිගෙන පිළිස්සී මිය ගිය බව කියන දැරිය නවාතැන් ගෙන සිටි කාමරයේ බිත්තියක ලියා තිබූ “මගේ මරණයට හේතුව” යනුවෙන් සඳහන් වැකියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ගුරු විදුහල්පති වැටුප් වැඩිවීම් නෑ… කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කරයි

ගුරු විදුහල්පති වැටුප්වල කිසිදු වැඩිවීමක් සිදු නොකිරීමට කැබිනට් මණ්ඩලය එක්මතිකව තීරණය කළ බව ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මාධ්‍යයට ප්‍රකාශ කළේය.

මෙම වැටුප් ප්‍රශ්නය පසුගිය ආණ්ඩුවේ සිට පැවත එන්නක් බවත් ලෝකයම බරපතල කොවිඩ් අර්බුදයක ගිලී ඇති මේ අවස්ථාවේ රටේ පවතින ආර්ථික තත්වය අනුව කිසිම ආකාරයක වැටුප් වැඩිවීමක් කිරීමට හැකියාවක් නැති බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ඇමතිවරයා කීවේය.

සතොසෙන් බටර් පැකට් දෙකක් සොරකම් කළැයි පොලිසිය පුද්ගලයකුට වෙඩි තියලා

කළුතර බඩු ගබඩා පාරේ පිහිටි සතොස ශාඛාවෙන් රුපියල් 1360ක් වටිනා බටර් පැකට් දෙකක් සොරකම් කළැයි කියන සැක කරුවකුට දකුණු කළුතර පොලිසිය වෙඩි තබා තිබෙනවා.

පසුව කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර සිටින ඔහු අගෝස්තු මස 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා පෙරේදා (01) නියම කළේය.

කොතලාවල පනතට ආණ්ඩුවෙන්ම විරෝධය.. මහින්ද ප‍්‍රධානත්වයෙන් හමුව දැඩි උණුසුම් !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් එම මන්ත්‍රී කණ්ඩායම අතර ඇතිවූ සංවාදය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

ගුරු විදුහල්පතිවරු ඊළඟ තුරුම්පුවත් අදී! 4 වැනිදා සිට නුවර ඉඳන් කොළඹට දැවැන්ත පාගමනක්!

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුව විසින් එලැඹෙන 04 වන දින මහනුවර සිට කොළඹ දක්වා දැවැන්ත පාගමනක් පැවැත්වීමට සූදානම් කර ඇති බව එම එකමුතුව පවසයි.

බිලියන 880ක් මුදල් අච්චු ගැසූ කතාව ඇත්තක් යයි ඇමති කබ්රාල් කියයි

රජය පසුගිය කාලය තුළ රුපියල් බිලියන 880ක මුදල් මුද්‍රණය කළ කතාව ඇත්තක් බවත් මේ අයුරින් මුදල් මුද්‍රණ කිරීම දුෂ්කරතා නිර්මාණය වීමට හේතුවක් විය හැකි බවත් මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොල නියාමනය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. කෙසේ වුවද එය රජය විසින් සිදු කරන ලද්දේ විය හැකි අතුරු ප්‍රතිඵල ගැන හොඳ අවබෝධයකින් බවත් එවැනි අතුරු ප්‍රතිඵල එන්නට කලින් කළ යුතු ප්‍රතිකර්ම මැනවින් දන්නා ඩේලි මිරර් පුවත් පත විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත.

දවසට කෝටි 20000 ක සල්ලි අච්චු ගහලා ප්‍රශ්න විසඳන්න පුලුවන්ද ? ආණ්ඩුව පෙරළන්න අපි සූදානම් - අනුර දිසානායක

රටේ ජනතාව මුහුණ දී සිටින බරපතල ගැටලු විසඳීම සඳහා ආණ්ඩුවට ඉතිරි වී තිබෙන්නේ මුදල් අච්චු ගැසීම, ණය ගැනීම හා ජාතික සම්පත් විදෙස් රටවලට විකුණා දැමීම පමණක් බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. මෙම විසඳුම් හරහා සිදුවන්නේ ගැටලු විසඳීම නොවන එම ගැටලු තවත් තීව්‍ර වීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගර්භනී හෙදියනුත් සේවයට කැඳවලා… ජාතික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් බිලි වෙයි

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් සදහා වෙන්කල වාට්ටු සියල්ලම කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතරම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් කොවිඩ් ආසාදිතයින් බවට පත්වීම දිනෙන් දින වර්ධනය වන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

අවුරුදු 02ක් පාසල් වසා තැබීම නිසා දරුවන් පාසල් හැර යෑම වැඩි වෙලා !

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ වසර දෙකකට ආසන්න කාලයක් පාසැල් වසා තැබීම නිසා බාල වයස්කාර දරුවන් පාසැල් හැරයාම ඉහළ ගොස් තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකොන් පවසයි. පාසැල් වසා තිබීම නිසා දරුවන් අධ්‍යාපන වැඩ වලින් ඈත්ව වෙනත් කාර්යයන් සඳහා යොමුවීම ඉහළ ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද ඔහු කියයි.

තනතුරෙන් දොට්ට දාපු කෙනාට ආයෙත් පට්ටමක් !

කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ලවූ කොටි ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී රාජකාරිය පැහැරහැරීම ගැන වරදකරු වී සේවයෙන් ඉවත්කළ හිටපු ගුවන් හමුදා නිලධාරියකු රාජ්‍ය මණ්ඩලයක ප‍්‍රධානියා ලෙස පත්කර ඇත.

රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ - ඇමති චන්න කියයි

රට තුළ සංචරණ සීමා ලිහිල් කර තිබුණද කොරෝනා වසංගතය හෝ ඩෙල්ටා ප්‍රභේදයේ අවදානමක් නැතැයි කිසිවෙකු වැරදි වැටහීමක් ඇති කර නොගත යුතු බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සඳහන් කරයි. සංචරණ සීමා ලිහිල් කර ඇත්තේ ඇති රාජ්‍ය සේවය අඛණ්ඩව ක්‍රමානුකූලව කරගෙන යාමට බවත් එය කොරෝනා වසංගතය පාලනය වීමක් යැයි වැරදි වැටහීමක් කිසිවකු ඇති කර ගත යුතු නැති බවත් ඔහු පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka