ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුව විසින් එලැඹෙන 04 වන දින මහනුවර සිට කොළඹ දක්වා දැවැන්ත පාගමනක් පැවැත්වීමට සූදානම් කර ඇති බව එම එකමුතුව පවසයි.
එම සංගමය පවසන්නේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් අද (02) දිනයේ අමාත්‍ය මණ්ඩල තීරණවලින් පිළිගත හැකි පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් මෙම දැවැන්ත පාගමනක් පැවැත්වීමට තීර්ණය කළ බවයි.
ඒ අනුව අගෝස්තු 04 වන දින පෙරවරු 10.00 ට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ වන පාගමන ගමනාන්ත කිහිපයක් ඔස්සේ අගොස්තු මස 09 වන දින කොළඹට පැමිණීමට නියමිතයි.

Sira · 192 weeks ago
ස්ටාලින් කියපු විදියට ගුරුවරුයි ප්‍රින්සිපල්ලයි වේවැල් අරගෙන හතරවටින් කොළඹ වටකරලා මුන්ගේ සරම් ගලවලා එලවා එලවා වේවැල් පාර දෙන්නයි යන්නේ..නොසන්ඩාල තක්කඩි රාජපස්සවල් වලට වේවැල් පාර දීලවත් හදන්න පුළුවන්ද බලමු..
මෙතන වැස්සකටවත් ඉස්කෝලයකට ගොඩ නොවිච්ච අය,O/L නැති හැටහුටා මාරක් ඉන්නවා..මෙදා පාර ගුරුවරුන්ගෙන් තමා මුන් ඉගෙන ගන්නේ පාඩම.
gala · 192 weeks ago
Pathirana · 192 weeks ago