gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුසල්-දික්වැල්ල-ධනුෂ්කට සහනයක්.. නිර්දේශිත දඬුවම් ලිහිල් කරයි.. නියම කල දඬුවම් මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක යන ක‍්‍රීඩකයන්ට නිර්දේශ කරන ලද දඬුවම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඔවුන්ට එල්ල වී ඇති විනය විරෝධී චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටු නිර්දේශ මත පදනම්ව ‍ශ‍්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් තීරණය කර ඇත්තේ ඔවුන්ට මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටයි.

* රුපියල් මිලියන 10ක් බැගින් දඩ
* වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් හා මාස හයක දේශීය තරග තහනමක්
* වසරක ජාත්‍යන්තර තරග තහනමින් පසුව තවත් වසරක ජාත්‍යන්තර තරග තහනමක්       පනවා එය වසර දෙකකට අත්හිටුවා ඇත
* ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිර්දේශ කරන වෛද්‍යවරයෙකු යටතේ අනිවාර්ය මනෝ උපදේශනය

කෙසේ වුවද ඔවුන් එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුල බිඳිමින් විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කිරීමට පත් කර තිබූ විනය කමිටුව විසින් නියම කර කුසල් මෙන්ඩිස් හා දනුශ්ක ගුණතිලක වසර දෙකක ක්‍රිකට් තහනමක්ද නිරෝෂන් දික්වැල්ල මාස සඳහා 18ක ක්‍රිකට් තහනමක් ද ඔවුන් තිදෙනාට එක් අයෙකුට ඩොලර් 25,000 බැගින් දඩයක් ද ලෙසයි.

කෙසේ වෙතත් අවසන් බලධාරියා වන ක්‍රිකට් විධායක කමිටුව විසින් එම නිර්දේශිත දඬුවම් තරමක් ලිහිල් කර ඇත. නමුත් ඔවුන්ට පනවා ඇති දඩය ලක්ෂ 50 කින් පමණ ඉහළ දමා ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka