gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

බල්ලෙක් වගේ මහ පාරෙ මරලා දානවා… ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහට මරණ තර්ජන

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ බල්ලෙක් සේ මහ මග මරා දමන බවට තර්ජනය කරමින් පසුගිය 28 දා සවස 5.25ට පමණ කොරියාවේ සිට ලැබුණු දුරකථන ඇමතුමක් පිළිබඳව ඔහු ඊයේ (30) මාධ්‍යයට කරුණු දැක්වීය.

අවුරුදු 24ක් තිස්සේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මුහුණ දෙන වැටුප් විෂමතාව පමණක් නොව සිසුන්ගෙන් සියයට 60ක් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වී යෑම   ඇතුළු ගැටලු රාශියක් මුල් කරගෙන දියත්කර ඇති වෘත්තීය අරගලයට නායකත්වය දීම නිසා ආණ්ඩුව තමන්ව බිය වැද්දීමට මෙවැනි බාල උපක්‍රම ක්‍රියාත්මක කරවන බව ඔහු පැවසුවේය.

දැන් ආණ්ඩුව  තමන්ට සහ ජෝෂප් ස්ටාලින්ට අභූත චෝදනා එල්ලකරමින් ඉතාම බාල මඩ ප්‍රහාර එල්ලකරන බව කී මහින්ද ජයසිංහ විටෙක තම බිරියට කොවිඩ් ආසාදිත බව ප්‍රකාශ කරමින් ප්‍රචාරයක් යැවූ බව පැවසුවේය.

තමන් ගැන තමන් යන එන තැන් ගැන හොඳින්ම දැනගෙන තිබිය දී  ඒ පිළිබඳව සොයා බැලීමට පොලිසිය එවමින් තම අසල්වැසියන් හා හිතවතුන් ලවා තමන්ව බිය වැද්දීම වැනි බාල උපක්‍රම භාවිත කර මේ අරගලය නැවැත්විය නොහැකි බව මහින්ද ජයසිංහ කීවේය.

හැකිනම් තමන් මහ මග මරා දමා මේ සටන නවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවද ඔහු පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka