gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

සරණ ගුණවර්ධන නඩු 08 කින් නිදහස් කරයි

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු අටකින් නිදහස් කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ නඩු ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් විසින් ලිඛිත විධානයක් ඉදිරිපත් කර නොමැති නිසා නඩු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවයි.

ඒ අනුව විත්තියේ නීතිඥවරයා ගේ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය විසින් සරණ ගුණවර්ධන මහතා එකී චෝදනාවන්ගෙන් නිදහස් කරන ලදී.

මෙම නඩුව පවරා තිබුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සභාපති වරයා වශයෙන් සිටියදී කුලී පදනමට වාහන ලබාගැනීමෙන් රජයට පාඩු කිරීම මගින් දූෂණය නම් වරද සිදු කළේ යැයි කියමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka