gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙහෙම ගියොත් අපටත් වෙන්නේ එජාපයට වූ දේමයි..- විදුර


‘රජය මේ යන ගමන මේ ආකාරයට ගියහොත් එක්සත් ජාතික පක්ෂයට සිදු වූ දේ අපටත් වෙන්න පුළුවන් . ජනතාව හැමදාම ඉවසන්නේ නෑ . යම් වෙලාවක් එයි ගන්න ඕන තීරණය ජනතාව ගන්න’ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම අදහස් පළ කර සිටියේ බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

“ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට අති මහත් බහුතරයක් ජනතාව විසින් ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගනු ලැබුයේ එක රටක් එක නීතියක් වෙනුවෙනුයි . නමුත් අපිට සැකයක් මදිපුංචිකමක් මේ වන විට දැනෙමින් පවතිනවා . බැඳුම්කර හොරු ටික ඇල්ලුවද ? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය තවමත් නිදැල්ලේ . මෙහි ප්‍රධාන චූදිතයෝ තාම නිදැල්ලේ . සමහර අය පාර්ලිමේන්තුවෙත් සිටිනවා . මේ ගැන අපිට ප්‍රශ්නයක් තිබෙනවා .

කාබනික පොහොර සංකල්පය බොහෝම හොඳ සංකල්පයක් . නමුත් අවාසනාවකට මෙය එකසැරේ කරන්න බැහැ . ඊට යම් කාලසීමාවක් අවශ්‍යයි . පස හා පැළෑටි කියන්නේ පණ තියෙන දේවල් . ඒ නිසා ඒ ගැන විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතුයි . මෙරට පස හා පැළෑටි වසර හතළිහකට ආසන්න කාලයක් රසායනික පොහොරවලට හුරු වෙලයි තිබෙන්නේ . පසට හා පැලෑටි වලට අවශ්‍ය දේ අපි දිය යුතුයි . එම නිසා ඒ ගැන සිතා කටයුතු කළ යුතුයි . එය එක රැයකින් කළ හැකි දෙයක් නොවෙයි . එහෙම කරන්න ක්‍රමයක් තිබෙනවා .

බෝගම්බර බන්ධනාගාරයේ පැරණි ගොඩනැගිලි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරලයි තිබෙන්නේ . එවැනි ස්ථාන එක් එක්කෙනාට ඕනෑ ආකාරයට කඩා ඉවත් කළ නොහැකියි . මේ ගොඩනැගිලි කඩා ඉවත් කරනවා යැයි කීවේ කවුදැයි යන්න මටත් ප්‍රහේලිකාවක් . මේවා අපගේ ජාතිය සතු සම්පත්”

මහනුවර කියන්නේ වසර පුරා දෙස් විදෙස් සංචාරකයන් ඇදී එන ප්‍රදේශයක් . මේ ප්‍රදේශයේ වසර සිය දහස් ගාණක් රැකුණ සංස්කෘතියක් තියෙනවා . ඒ සමඟ බිහි වූ කලාවක් තිබෙනවා . එම නිසා ඒ සියලු දේට ඉඩ දෙන මධ්‍යස්ථානයක් බවට මේ ස්ථානය පත්විය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය .

ෂේන් සෙනෙවිරත්න
– ada
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka