gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුවන් හමුදා මූලස්ථානයට-චාමස් ධාන්‍යාගාර ඉඩමට ඕමාන් ආයෝජන එයි! කටාරය බේරෙ වටේ ඉඩම් රැසක් ගන්න කැමැත්තෙන්!

ඕමාන් රජයේ ආයෝජන අංශයක් විසින් කොළඹ 2 ගුවන් හමුදා මූලස්ථාන ඉඩම සහ කොටුවේ පිහිටි චාමස් ධාන්‍යාගාර ඉඩම තුළ ආයෝජන සිදු කිරීමට කැමැත්ත පළ කොට ඇති බව වාර්තා වේ. එමෙන්ම කටාර් රාජ්‍යයේ ඩී.ආර්. විජයවර්ධන මාවතේ බේරෙ වැව ආශ්‍රිතව පිහිටි ඉඩම් කිහිපයක ආයෝජන කටයුතු සිදු කිරීමට කැමැත්ත පළ කොට ඇති බවද සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

මෙම ඉඩම් අයිතිය පවතින නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය කාලය පුරා මෙම ඉඩම් අවුරුදු 30 සිට 99 දක්වා බදු දීමට ආයෝඡකයින් සොයමින් සිටියේය.

නාගරික සංවර්ධන අධිකාරිය මේ වනවිට කොළඹ සඳහා ප්‍රධාන සැලැස්මක් සකස් කර ඇති අතර එමඟින් උරුමයන්, ප්‍රවාහන කේන්ද්‍රස්ථානය, මුල්‍ය නගරය සහ වාණිජ නගරය යන ප්‍රදේශ වෙන් කිරීමට අපේක්ෂා කෙරේ.

ඉහළ, මධ්‍යම හා පහළ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති වැනි නිශ්චිත අරමුණු සඳහා රට පුරා ඉඩම් කොටස් හතලිස් දෙකක් හඳුනාගෙන ඇත.

ආගන්තුක සත්කාරය සහ විවේකය, නේවාසික සහ කාර්යාල කුළුණු, තොරතුරු තාක්‍ෂණය පදනම් කරගත් සංවර්ධනය, සැපයුම් මධ්‍යස්ථානය සහ ව්‍යාපාර උද්‍යාන සංවර්ධනය සහ බහු මහල් රථ ගාල් ඉදිකිරීම මේ අතරට අයත්ය.

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘති සඳහා බිම් කොටස් පහක් ලබා දීමේ අපේක්ෂාවන් ද ඇත.

බස්නාහිර පළාතේ බදු දීමට ඇති ඉඩම් කැබලි වන්නේ බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාර ඉඩම, නාරාහේන්පිට පිහිටි ට්‍රැක්ටර් සංස්ථාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මිල්කෝ ඉඩම, ඩීආර් විජයවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, සීඩබ්ලිව් මැකී පීඑල්සී, සතොස දේපල දෙකක් සහ මහජන බැංකු පුහුණු මධ්‍යස්ථානය වේ.

යූනියන් පෙදෙසේ විසුම්පාය ආගන්තුක සත්කාරය සහ විවේක ව්‍යාපෘති සඳහා වෙන් කර ඇත.

ටොරින්ටන් චතුරශ්‍රයේ 80 ක්ලබ්, කොළඹ ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ ඉඩමක්, නොරිස් ඇළ පාර, කොළඹ 7 සහ බත්තරමුල්ල යන ස්ථානවල පිහිටි ඉඩම් බහු මහල් රථ ගාල් සඳහා පවරාගෙන ඇති බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka