gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

මත්පැන් බෝතල් මත අලවන ආරක්ෂිත ස්ටිකරයෙන් බිලියනයක පාඩුවක් - සුරාබදු නිළධාරීන් මුදල් ඇමතිවරයා දැනුවත් කරයි

මත්පැන් බෝතල් මත අලවන ආරක්ෂිත ස්ටිකරය මුද්‍රණය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට පැවරීම හරහා ‍වසරක රුපියල් බිලියනයක පාඩුවක් සිදුවන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පවසනවා. මේ සම්බන්ධයෙන් එම වෘත්තීය සමිති පසුගියදා මුදල් ඇමතිවරයා දැනුවත් කිරීමට කටයුතු කර තිබිණි.

මෙම ස්ටිකරය මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදුන් අතර සුරාබදු දෙපාර්තමේන්තුව සහ අදාල සමාගම අතර ඇති කරගෙන තිබෙන ගිවිසුමට අනුව මසකට අවම වශයෙන් ස්ටිකර් මිලියන 32 ක් මිලදී ගත යුතුය. ඊට වඩා අඩු ප්‍රමාණයක් මිලදී ගත්තද ස්ටිකර් මිලියන 32 කට අදාල මුදල් සමාගමට ගෙවීම අනිවාර්ය වේ.

කෙසේ නමුත් අදාල සමාගම විසින් සපයා තිබෙන ස්ටිකර් තත්වයෙන් බාලවීම නිසා සහ ස්ටිකර් ඇලවීමට අවශ්‍ය උපකරණ න‍ොමැති වීම නිසා මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

මෙම ස්ටිකර් ටෙන්ඩරය ලබාගත් ඉන්දියානු සමාගම මෙන්ම එහි ශ්‍රී ලංකා නියෝජිතයා වන Ceylon Business Appliances සමාගමද ටෙන්ඩරය ලබාගෙන තිබෙන්නේ අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් වන අතර ඉන්දියානු සමාගම ඉන්දියාවේ මෙන්ම අප්‍රිකානු රටවල් කිහිපයක බංකොලොත් සමාගමක් ලෙස නාමකරණය වී ඇති සමාගමකි.

මෙම තත්වය හමුවේ අදාල සමාගමට මෙම ටෙන්ඩරය ලබාදීම දූෂිත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස සිදුව ඇති බව සුරාබදු නිළධාරීන් විසින් මුදල් ඇමතිවරයා දැනුවත් කරමින් පවසා තිබේ.

ගිවිසුමට අනුව ප්‍රමිතියෙන් යුක්ත ස්ටිකර් සැපයීමට අසමත් වුවද වාර්ෂිකව එම සමාගමකට රුපියල් බිලියනයකට අධික මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා. මෙවැනි තත්වයක් තිබියදී පවා ටෙන්ඩරය අහෝසි කිරීමට මුදල් අමාත්‍යංශයට හැකියාවක් නොමැති අතර එසේ අහෝසි කරන්නේ නම් ඊට සරිලන වන්දි මුදලක් ගෙවීමට සිදු වේ.

මීට විකල්පයක් ලෙස රුපියල් 1.20 කට මිලදී ගන්නා ස්ටිකරය වෙනුවට ඩිජිටල් කේතයක් මිලදී ගැනීම සඳහා දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා. අදාල ඩිජිටල් කේතයේ වෙළඳපොල වටිනාකම ශත 15 ක් පමණ වන අතර කෙසේ නමුත් ගිවිසුමට අනුව එම කේතය මිලදී ගැනීමට සිදුව තිබෙන්නේ රුපියල් 1.20 කටයි.

-lankanewsweb
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka