gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුරාණ බෝගම්බර සිරගෙදර ගොඩනැගිල්ල කඩන්න දෙන්නෙ නෑ ... කෙහෙළියගේ සහ මහින්දානන්දගේ යෝජනාවට විදුර එරෙහි වෙයි

බෝගම්බර බන්ධනාගාරයේ පුරාණ ගොඩනැගිල්ල ඉවත් කිරීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධව නිල වශයෙන් තමන් නොදන්නා බවත් එම පුරාණ ගොඩනැගිල්ල ඉවත් කිරීම සඳහා කිසිදු ආකාරයකින් ඉඩ ලබා නොදෙන බවත් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

වැලිකඩ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට රැගෙන යෑම සඳහා වූ යෝජනාවට අනුව තමන් ඒ සඳහා හොරණ මිල්ලෑව ප්‍රදේශයෙන් භූමියක් ලබා දී ඒ වෙනුවට සංස්කෘතික අමාත්‍යාංශය වශයෙන් බෝගම්බර බන්ධනාගාරය පිහිටි භූමිය ජාතික සංස්කෘතික වැදගත්කමක් සහිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දෙන ලෙස බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

මෙම පෞරාණික ඉදිකිරීම ආරක්ෂා කරගෙන අවුරුද්දේ සෑම කාලයකම සංචාරකයන් ගැවසෙන ජීවමාන සංස්කෘතික නගරය වූ නුවරට හිමි වටිනාකම ඒ අයුරින්ම ආරක්ෂා කරගෙන දේශීය ශිල්පීන් සහ කලා සම්ප්‍රදායන්ගේ පැවැත්ම තහවුරු කරන ආකාරයට මෙම සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කර ඇති බව රාජ්‍ය ඇමතිවරයා කීවේය.
මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා සෙනසුරාදා තමන් නුවරට පැමිණෙන බවය.

මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම සඳහා රජයේ ප්‍රබල කැබිනට් ඇමතිවරුන් දෙපළක්වන කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ විසින් පසුගියදා නුවර දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

අනතුරුව ඒ පිළිබඳව දිගින් දිගටම ආදාල පාර්ශවයන් ගෙන්වා බලපෑම් කර ඇත. පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ගේ ස්ථාවරය වී ඇත්තේත් මෙම ගොඩනැගිල්ල ආරක්ෂා කරගත යුතු බවය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට නම් රටේ නීතිය වූ පුරාවිද්‍යා ආඥා පනත වෙනස් කළ යුතු බවය. නැතිනම් මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගැසට් කරන ලද ස්මාරක ලයිස්තුවෙන් ඉවත් කළ යුතු බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka