gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුසල්-ධනුෂ්ක-නිරෝෂන්ට වසර දෙකක් තෙක් ක‍්‍රිකට් තහනමක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් තහනමක් පැනවිමට නිර්දේශ වී ඇත. උපනායක කුසල් මෙන්ඩිස් සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර දෙකක ක‍්‍රිකට් තහනමක් සහ ඩොලර් 25,000ක දඩයක් නිර්දේශිතය.

කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පැනවිමට නිර්දේශ වී ඇත්තේ මාස 18ක් තහනමක් සහ ඇමරිකානු ඩොලර් 25000ක දඩයකි.

දික්වැල්ලගේ දඬුවම මාස හයක ලිහිලක් ලැබී ඇත්තේ ඔහුගේ පළමු විනය කඩ කිරීම හේතුවෙනි.

ඔවුන් සම්බන්ධයෙන් ගන්නා පියවර නිර්දේශ කිරීමට පත් කරන ලද කමිටුව මගින් මෙම නිර්දේශ කර ඇත.

මෙම නිර්දේශ සම්බන්දයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තීරණය ඉදිරියේදී දැනුම් දිමට නියමිතව ඇත.

පසුගියදා නිමාවූ එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුලෙන් පිටතට පැමිණ විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන් ඔවුනට චෝදනා එල්ල විය.

ඔවුන් වහාම එම තරගාවලිය අත්හිටුවා ශ්‍රී ලංකාවට කැදවා විනය පරීක්ෂණයක් කැදවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka