gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඒ පාර ‘ඩෙල්ටා ප්ලස්’ ඇවිත්! එන්නත්වලින් සතපහක වැඩක් නැතිලු!

පළමුව හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු ලෙස පැතිරයා හැකි සහ සංකූලතා ද ඉහළ මට්ටමක පවතින ඩෙල්ටා ප්ලස් ලෙස හැඳින්වෙන නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් කර තිබේ. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය පැපොල රෝගයේ ව්‍යාප්තියට සමාන බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය.

ඒ, අමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අභ්‍යන්තර ලේඛනයක් උපුටා දක්වමිනි.

එම වාර්තාවේ දැක්වෙන්නේ, ඩෙල්ටා ප්‍රභේදය එන්නත්කරණය පවා අභිබවා යාමට තරම් ප්‍රබල බවයි.

මේ අතර චීනයේ, වූහාන් නගරයෙන් ආරම්භ වී පසුව නැන්ජියෑන් නගරයේ පැතිර ගිය කොවිඩ් වසංගතය මේ වනවිට බීජිං අගනුවර සහ තවත් පළාත් 05 කට ව්‍යාප්ත වී තිබේ.

චීන බලධාරීන් පවසන්නේ, වූහාන් වසංගත තත්ත්වයට පසු වාර්තාවන දරුණුතම වෛරස් ව්‍යාප්තිය මෙය බවය.

පසුගිය ජූලි 20 වැනි දා නැන්ජියෑන් ගුවන්තොටුපොළේදී පළමුව ආසාදිතයින් හඳුනා ගැනීමෙන් පසු මේ වනවිට 200කට අධික ආසාදිතයින් පිරිසක් හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.

මේ තත්ත්වය හමුවේ නැන්ජියෑන්, ගුවන්තොටුපොළේදී සියලු ගුවන් ගමන් අගෝස්තු 11වැනි දා දක්වා අත්හිටුවා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka