gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉෂාලිනීගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් - වාර්තා ලැබෙන තෙක් සිරුර පේරාදෙණිය රෝහලේ !

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහාතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි ඉෂාලිනී ජූඩ් දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද (31) පැය 9 වැඩි කාලයක් පේරාදෙණිය රෝහලේදි පැවැත්විණි.

දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා ලැබුණු  අධිකරණ නියෝගයකට අනුව  විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබූ අතර මුලින්ම ශරීරයේ සීටී ස්කෑන් පරීක්ෂණයකට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

එමෙන්ම ශරීරයෙන් ලබා ගත් විවිධ  සාම්පල් රසායනාගාර වෙත යොමු කර ඇති බව කියා සිටි ඒ මහතා අදාළ වාර්තා ලැබෙන තෙක් සිරුර පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබෙන බවද කීවේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරීම සහ නීතිපතිවරයාගේ නිර්දේශ මත අධිකරණය විසින් එම දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සදහා විශේෂඥ මණ්ඩලය පත් කෙරුණු අතර එම වෛද්‍ය කණ්ඩායමට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන හා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේරසිංහ යන අය ඇතුළත් විය.

එම විශේෂඥ මණ්ඩලය සහ නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ඉකුත්  සිකුරාදා (30) දැරියගේ භූමදාන කටයුතු සිදුකළ ඩයගම ප්‍රදේශයේ සුසාන භූමියේ දී සිරුර ගොඩගෙන පේරාදෙණිය රෝහල වෙත ගෙන ගොස් තිබුණි.

එම මෘතදේහයට අදාළව දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාවලට අනුව විමර්ශන සිදු කරන බවත් වාර්තාව ලැබුණු පසුව ඉදිරි කටයුතු සඳහා එය අධිකරණයට යොමු කරන බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka