gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

පිළිස්සූ බවට මෙහෙකාරියන් 09ක් ප‍්‍රකාශ දෙයි.. බදියුදීන්ගේ නිවසේ කාමර දෙකක් සීල් තබයි..

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේදී තමන්ගේ ශරීරය පුළුස්සා දැමීම, පහරදීම ඇතුළු වධ හිංසා රැසකට මුහුණ දීමට සිදුවූ බව අපයෝජනයට ලක්වූවා යැයි සැක කෙරෙන දැරියන් 11 දෙනාගෙන් 09 දෙනකුම විමර්ශන භාර පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මෙම නිවෙස තුළ හිටපු අමාත්‍යවරයාගේ කාලයේ ළමා අපචාර සිදුවූ බවට චෝදනා නගමින් රහස් පොලීසිය දැනටමත් එහි කාමර කිහිපයක් සීල් තබා තිබේ.

වත්මන් රජය පත්වූ දා සිටම වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට මෙම නිල නිවෙස ලබා දී තිබුණත් ඔහුට කොළඹ අවට නිවෙසක් ඇති නිසා එහි කොටසක් කොරෝනාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන ආහාර පාර්සල් සැකසීමේ මධ්‍යස්ථානයක් ලෙස ටික දිනක් භාවිත කෙරිණි.

කෙසේ වෙතත් ළමා අපචාර සිදුවූ බවට සැක කරන මෙම නිල නිවෙස ප්‍රතික්ෂේප කර ඒ බව අදාළ බලධාරීන්ට දැනුම් දීමටද අමාත්‍ය ගුණවර්ධන මේ වන විටත් පියවර ගෙන ඇත.

– ගයාන් ගාල්ලගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka