gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇදන් 17යි.. රෝගීන් 72යි.. එක වැසිකිලියයි..- රෝහලේ කොරෝනා රෝගීන් විරෝධතා…

රෝහල් පහසුකම් ප්‍රමාණවත් නැති බව පවසමින් දඹුල්ල මූලික රෝහලේ රඳවා සිටින කොරෝනා වෛරස ආසාදිත පිරිසක් රෝහල් පරිශ්‍රයේදී විරෝධතාවක් පවත්වා තිබේ.
දඹුල්ල මූලික රෝහලේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වෙන්කර ඇති වාට්ටුවේ ඇඳන් දාහතකින් යුක්ත ය.

නමුත් විරෝධතාකරුවෝ පැවසුවේ එම ඇඳන් දාහත තුළ පුද්ගලයන් හැත්තෑ දෙනෙකුට අධික පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

එනිසා එක ඇදකට ආසාදිතයන් දෙදෙනා තුන්දෙනා බැගින් මෙන්ම ඇඳන් යට සහ කොරිඩෝවේද රෝගීන් සිටින බවත් ඔවුහු කියා සිටිති.

රෝහල් බලධාරීන්ට මේ ගැන දැන් වුවද ඔවුන්ට සිදු කිරීමට කිසිවක් නොමැති වග ඔවුන් සඳහන් කළහ.

මෙම රෝගීන් සියලු දෙනාටම ඇත්තේ එක් වැසිකිලියක් පමණක් බවත් රෝහලේ ආහාර හිඟයක් පවතින බවත් ඔහු තව දුරටත් කියා සිටියහ.
-lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka