gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ඇණැවුම් නවතී.. කන්ටේනර 1000ක් වරායේ හිරවේ…

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා මෙරට වාණිජ බැංකු මගින් ඩොලර් ලබානොදීම හේතුවෙන් දැනටත් වරායට පැමිණ තිබෙන භාණ්ඩ ගොඩබෑම නතරවී තිබේ. ඒ හේතුවෙන් ජූලි මාසයේ සිට භාණ්ඩ ඇණවුම් නතර වී ඇතැයිද වාර්තා වෙයි.

මෙම තත්වය මත රටේ ඉදිරි කාලයේ දී ආහාර ද්‍රව්‍ය හිගයත් ඇතිවීම වළක්වා ගැනිම සඳහා වහා මැදිහත් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් අත්‍යවශ්‍ය ආහාර හා වෙළඳ භාණ්ඩ ආනයන කරුවන්ගේ වෙළෙඳ සංගමය ඉල්ලා සිටියි.

සංගමය සඳහන් කරන්නේ ජූලි මාසයේදී ඇනැවුම් කළ අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර දහසකට ආසන්න ප්‍රමාණයක් වූ වරායේ හිරවී ඇති බවයි.

ඒවා නිදහස් කර ගැනීම සඳහා ඇනවුම් කරුවන්ට ගෙවීම් කළ යුතු වුවද ඊට අවශ්‍ය ඩොලර් වාණිජ බැංකු වලින් නිකුත් නොකිරීමෙන් ගැටලුවක් ඇති වී තිබෙන බවද ඔවුන් පෙන්වාදෙයි.

මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය වන අල, ලූණු, පරිප්පු, සීනි, මිරිස්, සුදුළුනු ආදිය ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 80ක් පමණ වැයවෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka