gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැණික් පොකුරේ මිල නියම කිරීම ගැන ලොහාන්ට යකා නගී.. ප‍්‍රසිද්ධියේ විරෝධය පායි..

මෑතකදී කහවත්ත ප්‍රදේශයෙන් හමු වූ ලොව විශාලතම මැණික් පොකුර නිසි ලෙස තක්සේරු නොකර මිල ගණන් පැවසීම විහිළුවක් බව බන්ධනාගාර පුනරුත්ථාපන සහ කළමනාකරණ, ස්වර්ණාභරණ හා මැණික් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

මැණික තක්සේරු කිරීමකින් තොරව මිල ගණන් නියම කිරීමෙන් විශාල අර්බුදයක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් සිදුකර ඉන් පසු වටිනාකම ප්‍රසිද්ධියට පත් කරන බවද ඔහු සඳහන් කරයි.

විදේශ රටවල් ගණනාවක්ම මෙම මැණික් පොකුර සම්බන්ධයෙන් තමන්ගෙන් කරුණු විමසූ බවත් මෙයාකාරයට මිලගනන් නියම කර ඇත්තේ කාගේ අවශ්‍යතාවයක් මත ද යන්න තමාට ප්‍රශ්නය බවත් ඔහු තව දුරටත් පැවසීය.

කෙසේ වෙතත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ කියා සිටියේ මෙම මැණික් පොකුර රුපියල් කෝටි දෙදහසක් පමණ වටිනා බවත් එය චීනයේ පැවැත්වෙන මැණික් වෙන්දේසියට ඉදිරිපත් කර ගැනුම්කරුවන්ට විකුණා දමන බවත් ය. ඒ සඳහා වෙනම ගුවන් යානයක් පවා සුදානම් කර ඇතැයි වාර්තා පළ විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka