gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

මව සහ දරු දෙදෙනා නිදාගත් ඇඳේ මෙට්ටය යට නයි පැටව් 30ක් !

මාවතගම දෙල්ගොල්ලවත්ත ප්‍රදේශයෙ නිවෙසක නිදන ඇඳක මෙට්ටයක් යට සිටියදී නයි පැටවුන් 30 දෙනකු සොයා ගත් පුවතක් වාර්තාවේ.

නිවැසියන් කරන ලද දැනුම් දීමකට අනුව පරිසරවේදියකු වන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන කැළුම් සෝමරත්න මහතා අද එම නිවසට ගොස් කරන ලද සොයා බැලීමකින් පසුව මෙම නයි පැටවුන් 30 දෙනා සොයා ගැනීමට හැකිවී තිබේ.

මෙම සිද්ධියේ විශේෂත්වය වන්නේ නිවෙස් හිමියාගේ බිරිඳ සහ දරුවන් නිදා සිටියදීම එම ඇඳේ මෙට්ටය යට මෙම නයි පැටවුන් 30 දෙනාද දින ගණනාවක්ම සිට තිබීමය.

ඊට පෙර දිනයේ නිවෙස තුළ සිටියදී ප්‍රථමයෙන්ම නයි පැටවුන් දෙදෙනකු හමුව ඇති අතර නිවෙස් හිමියා බියට පත්ව එම සතුන් දෙදෙනාට පහරදී මරා දමා ඇත.

ඉන් පසු දින රාත්‍රියේ ඇඳට දමා තිබූ මදුරු දැලෙන් ඇතුළු වූ තවත් නයි පැටවෙකු ඇඳේ නිදා සිටි අයකුගේ සිරුර මතින් ගමන් කර ඇති අතර ඉන් මහත්සේ බියට පත් ඔවුන් පසුව සැකයට මෙන් ඇඳ පරීක්ෂා කර බලත්දී ඇඳට දමා තිබෙන ලෑල්ලක් සහ මෙට්ටයත් අතර කොටසේ පොදියක් මෙන් සිටින නයි පැටවුන්ව දැක ඇත.

ඔවුන් පසුව ඒ බව පරිසරවේදියකු වන කැළුම් මහතාට දැනුම් දීමෙන් පසුව ඒ මහතා පැමිණ නිවෙස පරීක්ෂා කර බලා ඇඳේ මෙට්ටය යට සිටි නයි පැටවුන් ආරක්ෂිතව ඉවත් කර ඇත.

එම නිවෙස දැඩි පරීක්ෂාවකට ලක් කළද වෙනත් නයි පැටවුන් හෝ මවු සතා හෝ පැටවුන් බිහිවූ බිත්තර වල කටු පවා හමු නොවූ බවද නමුත් පැරණි නිවෙසක් වන එහි කොටසක ඇති බෙනයක් වැනි ස්ථානයකින් මවු සතාගේ බවට සැක කරන හැවක් සොයා ගැනීමට හැකිවූ බවද කැළුම් මහතා සඳහන් කළේය.

පුෂ්පකුමාර ජයරත්න


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka