gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැති ඇමතිලාට සුභයි…වාහන ආනයනයට ඉඩ..මංත්‍රීවරු සතුටින් ඉපිල යයි

සහල්, පරිප්පු, සීනි සහ පිටි වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබෙන්නේ ඇතැම් අවස්ථාවල පහළ මධ්‍යම පන්තිය නියෝජනය කරන ජනතාවට පවා ඒවා මිලයට ගැනීම අපහසු තත්ත්වයක් නිර්මාණය කර තිබෙන පරිදිය. මෙම තත්ත්වය දුම්රිය සහ බස් ගාස්තු ඉහළ දැමීමත් සමග තවදුරටත් බ රපතල වනු ඇත.

ඉදිරියේ අපේක්ෂිත ආදායම අනුව ගත්විට, සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.5 ක් දක්වා ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යවරයා පුරෝකථනය කළ නමුත් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් ඔහු නොකළේය.

ණයවර ලිපි විවෘත කිරීම සදහා පැමිණෙන පාරිභෝගිකයන් ක ලු කඩයට යොමුකරමින් සිටින්නේයැයි ප්‍රමුඛ පෙලේ බැංකුවක නිලධාරියෙක්ට චෝ’දනා කළ මුදල් අමාත්‍යවරයා එම කටයුතුවල නියැලී සිටින තවත් කිහිපදෙනෙක්ම නම් කිරීමටද පසුබට නොවීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේද ක’ල්ලි ගැ සී මුදල් උපයමින් සිටින කිහිපදෙනෙක් සිටින බව සදහන් කළ ඔහු ඒ හාම අදහස් දක්වමින් අන්තර්ජාතික තලයේ ආර්ථික මට්ටම ඉතා ඉක්මනින්ම යහපත් අතට හැරෙණු ඇතැයි පැවසුවේය.

සංචාරක කර්මාන්තය, අපනයන නඟා සිටුවීමට සහ විදෙස් සෘජු ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමට වහාම අවධානය යොමුකළ යුතුව ඇතැයිද මුදල් අමාත්‍යවරයා කීවේ ය. අතිරේක මුදල් ඉල්ලා අමාත්‍යවරු තමා හමුවට නොපැමිණිය යුතුව ඇතැයි කී ඔහු වර්තමානයේ පවතින අ’ර්බුදය නිමාවට පත්වන තෙක් අතිරේක මුදල් ලබානොදෙන බව අවධාරණය කළේ ය.

අනතුරුව පැමිණ සිටි මන්ත්‍රීවරුන්ට හොද ආරංචියක් ලැබිණ.වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර ලබාදෙන බවට මුදල් අමාත්‍යවරයා ඔවුන්ට පොරොන්දු විය. කෙසේවුවත් එම වාහන ආනයනයන් සදහා රජය මැදිහත්වීමක් හෝ ගෙවීමක් මෙවර සිදුනොවන අතර එම බලපත්‍ර ආධාරයෙන් වාහන ගෙන්වාගැනීමට අවැසි ණයවර ලිපි විවෘත කරගැනීම සදහා මුදල් සොයාගත යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්මය.

මුදල් අමාත්‍යවරයා මෙම අදහස් දක්වන විට ඇතැම් මන්ත්‍රීවරු නැගිට අත්පොළසන් දෙනුද තවත් ඇතැමුන් මේස මතට ත’ට්ටු කරමින් සතුට පළකරනු ද දැකගත හැකිවිය.

මෙවැනි පියවරක් හමුවේ ක ලු කඩයේ ඩොලර්වල මිල තවදුරටත් ඉහළ යනු ඇති බවට කිසිදු සැ කයක් නැත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය සදහා ඩොලර් මිලට ගැනීමට හැකිවන පරිදි ඔවුන්ට රජයේ මැදිහත්වීමෙන් ණය ආදිය ලබාදීමට යන්නේ ද යන්න තවමත් පැහැදිලි නැත.

-lankadeepa
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka