gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාව දරුණුම ඩෙල්ටා රැල්ල අභියස.. එන්නත් මාත‍්‍රා දෙකද ප‍්‍රමාණවත් නෑ..- ලෝ ප‍්‍රකට මහාචාර්යවරයෙක් දන්වයි…

 
ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දරුණුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලිත් පීරිස් මහතා සඳහන් කරයි. නව ඩෙල්ටා ප‍්‍රභේදය හේතුවෙන් දකුණු ආසියානු කලාපය ඇතුලුව ගෝලීය වශයෙන් ආසාධිතයන් ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.

ඉදිරි සති කිහිපය තුළ එම ප්‍රභේදය ලංකාවටද විශාල බලපෑමක් ඇති කරනු ඇති බවද තමන් අවධාරණය කරන බවද ඔහු පැවසීය.

ඉදිරි සති කිහිපය ඇතුගත ශ්‍රී ලංකාවට දරුණුතම කොරෝනා වසංගතය ට මුහුණ දීමට සිදුවන බව ද ඒ මහතා අනතුරු ඇඟවීය.

ශ්‍රී ලංකාව තුල මේ වනවිට සිදුවන වේගවත් එන්නත්කරණය සම්බන්ධයෙන් රජයට හා මහාචාර්ය චන්න ජයසුමනට තමන් ස්තූතිවන්ත වන බවද පවසන ඒ මහතා ඉතිරි මාසයන්හි දී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට එන්නත් මාත්‍රා 2 ලබා ගැනීම පවා ප්‍රමාණවත් නොවනු ඇතැයිද අනතුරු ඇගවීය.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka