gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෙදරින් එළියට බහිද්දී කොරෝනා ID එක අනිවාර්යයි!

ඉදිරියේ දී රජයේ ආයතන සහ පොදු ස්ථානවලට යාමේදී ජනතාව කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම පිළිබඳව කොවිඩ් මර්දන කමිටුවේ අවධානය යොමු වී ඇත.

එමෙන් ම, දිවයිනේ සියලු ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එන්නත නොගත් පිරිස පිළිබඳ කඩිනම් සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (ජූලි 30) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග ඊයේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ඒ අනුව දින කිහිපයක් ඇතුළත එන්නත ලබානොගත් පිරිස පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බවය.

එන්නත් බෙදාහැර තිබුණ ද මෙතෙක් එන්නත ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනය කර ඔවුන් එන්නත ලබාගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කොවිඩ්-19 වැළඳී සහ මියගිය පිරිස් පිළිබඳව කළ අධ්‍යයනවලට අනුව ඉන් 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

එන්නත ගෙන්වා දීමේ වගකීම රජය ඉටුකර ඇති බවත් රෝගය පැතිර යාම වළකින ආකාරයෙන් ක්‍රියා කිරීම සහ එන්නත කඩිනමින් ලබාගැනීම ජනතාව සතු යුතුකමක් බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka