gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

මීළඟට එන ආණ්ඩුවක් ගැන හිටපු ජනපතිගෙන් ඉඟියක් !

මීළඟ ආණ්ඩුවක් ගැනීම පිළිබඳව ඉඟියක් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පළ කර තිබෙනවා.

ඒ රට මුහුණ දී සිටින ආර්ථික අර්බූදයට මීළඟට පැමිණෙන ආණ්ඩුවකට විසඳුම් ලබා දිය හැකිද යන්න තමන්ගෙන් බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන බව සඳහන් කරමින්.

උදාහරණ සහිතව විසඳුම් පෙන්වීම

ඊට හිටපු ජනපතිවරයා පිළිතුරු දෙන්නේ තමන් ජනපති ධුරය දරද්දී කටයුතු කළ ආකාරය උදාහරණ සහිතව පෙන්වමින්.

එදා තමන්ගේ රජයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබුණේ තමාට හෝ තමන් දරපු ජනපති ධූරයට නොව තමන් අනුගමනය කළ ප්‍රතිපත්තියට බවයි සිරිසේන මහතා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර සබඳතාවයේ වැදගත්කම

රට මුහුණ දී සිටින ප්‍රධානම ප්‍රශ්නය වන විදේශ සංචිත හිඟකමට පිළියම් සෙවීමේදී පළමුවෙන්ම අවධානය යොමු කළ යුත්තේ ජාත්‍යන්තර සබඳතා වලට බවයි හිටපු ජනපතිවරයාගේ අත්දැකීම වන්නේ.

ඒ හරහා බොහෝ රටවල් වලින් උදව් උපකාර ගත හැකි බව හිටපු ජනපතිවරයා පෙන්වා දෙන්නේ තම පාලනය යටතේ ඇති වූ පොහොර හිඟයට පාකිස්ථානයෙන් උදව් ලබා ගත් ආකාරය සහ ගෑස් ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවේ කටාර් රාජ්‍යයෙන් ඊට කඩිනම් විසඳුම් ලබාගත් ආකාරය මතක් කරමින්.

පොහොර හා තෙල් අඩු මිලට

පොහොර හා තෙල් ඉතාමත් අඩු මිලට ජාත්‍යන්තරයෙන් ලබා ගැනීමට හැකිවූයේ තම පාලන කාලයේ බවයි හිටපු ජනපතිවරයා පෙන්වා දෙන්නේ.

හිටපු ජනපතිවරයා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කරමින් සිටිනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka