gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු ඇමති පුතාගේ නේපාල ජාතික පෙම්වතිය වැල්ලවත්ත කාමරයේදී ගෙළ වැළලාගෙන

අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු ඇමතිවරයෙකුගේ පුතෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය නේපාල ජාතික තරුණියක බම්බලපිටිය ප්‍රදේශයේ නවාතැනකදී ගෙළවැළලාගෙන මියයාමේ සිදුවීමක් වාර්තා විය.

මෙලෙස මියගොස් තිබුනේ ‘ඩිලායා‘ නමැත්තියකි. සංචාරක විසා මත නේපාලයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණ මෙම තරුණිය බම්බලපිටියේ පිහිටි ප්‍රසිද්ධ සමාජ ශාලාවක කලෙක සිට සේවය කරමින් සිටි බව බව පැවසෙන අතර අදාළ ඇමති පුතා සමග කලෙක සිට අනියම් සම්බන්ධතාවයක් පවත්වමින් සිට ඇත.

 ඔහුගේ හිතවත්කම නිසා ඇය කණ්ඩායමක් සමග සිටි පෙර නවාතැනින් ඉවත්කර වැල්ලවත්තේ පිහිටි නිවාස සංකීර්ණයක ඒකකයක් කුලියට ගෙන ඇමති පුතා ඇයව නතර කර තිබූ බව කියැවේ.

පෙරේදා (29) සවස ඇය ගැන සොයා බැලූ නිවාස ඒකක පරිපාලකයන්ට ඇය නිවසේ ගෙළ වැළලාගෙන මියගොස් සිටිනු දැකගන්නට ලැබී ඇති අතර ඒ ගැන පොලිසියට දන්වා තිබේ.

වැල්ලවත්ත පොලිසිය පැමිණ සෝදිසි කර ඇය නිවසේ එල්ලී මියගොස් සිටියදී සොයාගන්නා ලදි. ඇයගේ මරණයට  හේතුව තවම වාර්තා නොවේ.

ඇය මෙම නිවාස සංකීර්ණයේ පදිංචියට ආවේ මීට මාස 3 කට පෙර බවද සාක්ෂි ලැබී ඇති අතර ඇමති පුතා වරින්වර එහි පැමිණ නැවතී යන බව වාර්තා විය.

වර්තමානයේ අම්පාර දිස්ත්‍රික්කයේ පක්ෂ සංවිධායක ධූරයක්ද දරන හිටපු ඇමති පුතාව ප්‍රශ්න කිරීමට නියමිතය.
සිරුර රෝහල්ගතකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka